ඉහත ක්ෂුද්‍ර-පාලක, යම් පද්ධතියක් නිර්මානයේ දි සෘජුව්ම බාවිතා කිරිම සිදු කරන අතර ගොඩනැන්විමේ අරමුණු (development purpose) සදහා පාලකය ක්‍රමලේකනය (program) කිරිමට සහ ක්‍රියත්මක විමට අවශ්‍ය මුලිකාංග ඇතුලත් කර සංවර්ධන පුවරු සහ සංවර්ධන පද්ධති නිර්මාණය කර ඇත.
වඩාත් ප්‍රසිද්ධ සංවර්ධන සහ පද්ධති කිහිපයක් පහත දැක්වේ.
මින් ඉදිරියට කරුණු සාකච්චා කිරිම සදහා Arduino uno සංවර්ධන පුවරුව බාවිතා කරමු.
වඩාත් ප්‍රසිද්ධ සංවර්ධන සහ පද්ධති කිහිපයක් පහත දැක්වේ.
- Arduino
- NodeMCU
- LaunchPad
- Raspberry pi
- Micro bit
- ක්‍රමලේඛ්නය කිරිම ක්ෂුද්‍ර-පාලක තුල්ට ඇතුලත් කිරිම පහසු විම
- ක්‍රමලේඛ්නය පහසුවෙන් තෙරුම් ගත හැකිවිම
- ප්‍රමානයෙන් කුඩා විම
- සරල සැකැස්ම
- එක් එක් කාර්යයන් සදහා වෙනස් සංවර්ධන පුවරු පැවතිම
- විවුර්ත කේත සමෝධානිත සංවර්ධන පරිසරයක් (Open Source IDE) පැවතිම
Basic Component of the Micro-controller Based Development Systems
ක්ෂුද්‍ර-පාලක පදනම්වූ සංවර්ධන පද්ධතික මුලික කොටස්මින් ඉදිරියට කරුණු සාකච්චා කිරිම සදහා Arduino uno සංවර්ධන පුවරුව බාවිතා කරමු.
- Analog Input (ප්‍රතිසම ආදාන)
ප්‍රතිසම ආදාන අග්‍රයක් (Analog input pin) වෙත ලැබෙන සංඥාවක් අංකිත අගයක් (digital value) බවට පත් කර ගෙන බාවිතයට ගැනිම සිදු කරයි.
ප්‍රතිසම ආදාන (Analog input) ලබාගත හැකි හො නොහැකි කිසිදු අග්‍රයකට ප්‍රතිසම ප්‍රතිදාන (Analog output) ලබාදිය නොහැක.
- අංකිත ආදාන/ප්‍රතිදාන (Digital Input/Output)
මෙහි අංකිත ආදාන (Digital Input) 14 ක් පවතින අතර සියලුම එවා සියල්ලක්ම අංකිත ප්‍රතිදාන (Digital output) ලෙසද බාවිතා කල හැකිය.මෙම සියලුම අග්‍රයන් තාර්කික මට්ටම 1, 5V ලෙසත් තාර්කික මට්ටම (Logic level) 0, 5V ලෙසත් සලකනු ලබයි. නමුත් එහි පරාසය පහත පරිදි වෙනස් විය හැකිය.
- ග්‍රහක / සම්ප්‍රේෂක අග්‍ර (Rx/Tx pins)
මෙම අග්‍ර අවශ්‍ය පරිදි අංකිත ආදාන/ප්‍රතිදාන (Digital Input/Output) ලෙසද බාවිතා කල හැක.
- USB කෙවෙනිය (USB Port)
මෙහි USB යන්නෙහි දිගු තෙරුම වනුයේ universal serial bus යන්නයි. Arduino පුවරුවක මෙම කෙවෙනිය කාර්යයන් 2ක් සදහා බවිතා වන බව දැක ගත හැක.
01. පරිගනකය තුල ක්‍රමලෙඛනය කරන ලද වැඩසටහනක් සංවර්ධන පුවරුව තුලට ඇතුලත් කිරිමයි.
02. පරිගනකයෙන් (හො වෙනයම් ප්‍රභවයකින්) බලය ලබගෙන පුවරුව බල ගැන්වීමට.
- විදුලිබල සැපයුම (Power Supply)
සරල ධාරා විදුලි කෙවෙනිය (DC Power Jack) පුවරුව බලගැන්වීම සදහා බාවිතා කරයි.
පුවරුවක් විදුලියට සම්බන්ද කරන අතරතුර සිදුවිය හැකි සුලබම අත්වැරදිම වන අග්‍ර මරු විම සදහා ආරක්ශනය පුවරුව තුලම ඇතුලත් කර ඇති බැවින් එමගින් පුවරුවට හානියක් නොවේ.
පුවරුවක් විදුලියට සම්බන්ද කරන අතරතුර සිදුවිය හැකි සුලබම අත්වැරදිම වන අග්‍ර මරු විම සදහා ආරක්ශනය පුවරුව තුලම ඇතුලත් කර ඇති බැවින් එමගින් පුවරුවට හානියක් නොවේ.
එමෙන්ම පුවරුවට 7V සිට 20V දක්වා විභවයකින් යුත් ඔනැම සරල ධාරවක් සම්බන්ද කර ක්‍රියාත්මක කිරිමේ හැකියව සරල ධාරා විදුලි කෙවෙනිය (DC Power Jack) හරහා ලබදී ඇත.
පෙර සදහන් කල පරිදි විදුලිබල සැපයුම USB හරහාද සිදුකල හැක. මෙහිදී සදහන් කරන ලද ආරක්ශන විදිවිධාන එවිට ක්‍රියත්මක නොවන අතර නිවැරදි 5V හා නිවැරදි අඝ්‍ර සම්බන්ද විය යුතුය.
- ප්‍රත්‍යරම්භක සුවිචය (Reset Switch)
මෙම සුවිචය එබිම මගින්, දැන පුවරුව තුල ක්‍රියත්මක වෙමින් පවතින වැඩසටහන නැවත මුලසිට ආරම්භවිම(restart) විම සිදුවේ.
Comments
Post a Comment